ලංකාවේ සෑම ෆේස් බුක් ගිණුම් 6කින් 1ක් ව්‍යාජ බව හෙළිවේ

ෆේස්බුක් අවහිරතාව ඉවත් කිරිමට පෙර ෆේස්බුක් සමාගමේ නියෝජිත පිරිසක් විසින් කරන ලද මුලික විමර්ශනයේදී මෙරට ෆේස්බුක් ගිණුම් වලින් හයකින් එකක් ව්‍යාජ ගිණුම් බව කරගෙන තිබෙනවා.

මෙසේ පසුගිය කාලයේ ජාතික සංහිඳියාවට බාධාපමුණවන වෛරී, ද්වේශසහගත ප්‍රකාශ පැතිරවීම, අන්‍යන්ගේ චරිත ඝාතනය කිරීම පිණිස වන අදහස් හා ඡායාරූප ප්‍රසිද්ධ කිරීම ආදිය සඳහා මෙම ෆේස්බුක් ගිණුම් යොදාගෙන ඇති බවටයි සැක පල වන්නේ.

විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ ෆේස්බුක් සමාගමේ ඉනිදියානු කලාපිය නියෝජ්‍ය ප්‍රධානී ශිවනාත් කුප්රාල් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමඟ ෆේස්බුක් සම්බන්ධ වැදගත් කරුණු කිහිපක් සාකච්ඡා වී ඇති අතර අවිධිමත් පරිහරණය බාධා පැමිණවෙන රෙගුලාසි මාලාවකට යටත්ව එහි කටයුතු ඉදිරියට ගෙන යනු ඇති බව ප්‍රකාශ වනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :