ලසන්ත ඝාතනය ගැන තවත් රහසක් හෙළිවෙයි

ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර මහතා සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා ලබන 29 වැනිදා තෙක් අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුගතපාල මහතා රහස් පොලිසිය හමුවේ කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් රහස් පොල්සියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට දැනුම් දුන්නේ පොලිස් පොත්වලින් සටහන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවයි.
උප පොලිස් පරීක්ෂකවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය රහස් පොලිසිය පෙබරවාරි දෙවැනිදා අධිකරණයට වාර්තා කර තිබුණා.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය ඇමැති සරත් ෆොන්සේකා/ ඇමැති මලික් සමරවික්‍රම / මර්වින් සිල්වා මහතාගේ මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් රැසකගේ ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :