චීනයේ පළමු ප්‍රහාරය තායිවානයට / අමෙරිකානු හමුදා ප්‍රධානියකුගෙන් අනාවැකි

Sri Lanka

චීනයේ පළමු ඉලක්කගත ප්‍රහාරය බවට තායිවානය පත්විය හැකි බව අමෙරිකානු හමුදාවේ ඉන්දු – පැසිෆික් බලකායේ අණදෙන නිලධාරී ,ජෙනරල් පිලිප් ඩේවිඩ්සන් පවසනවා.
ඉදිරි වසර 5 ත් 10ත් අතර කාලය තුල , මෙම ප්‍රහාරය එල්ලවීමේ හැකියාවක් පවතින බවටයි ඔහු අනතුරු අඟවන්නේ.
මේ වන විටත් තායිවානය මුල් කර ගනිමින් අමෙරිකානු චීන මත ගැටුම් පැවතියද කඩිනමින් තායිවාන ආක්‍රමණයක් සිදු නොවනු ඇති බවද පිලිප් ඩේවිඩ්සන් පවසනවා.
චීනයේ ප්‍රධාන ඉලක්ක කිහිපයක් පැවැතියද ඉන් පළමුවැන්න තායිවානය බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අනෙක් ඉලක්ක කවරක්දැයි අමෙරිකානු හමුදාවේ ඉන්දු – පැසිෆික් බලකායේ අණදෙන නිලධාරී , පිලිප් ඩේවිඩ්සන් හෙලිකර නැහැ.
මෙම තත්ත්වය තුල තායිවානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකාවේ පූර්ණ දායකත්වය ලබාදෙන බවයි ජනරාල්වරයා අවධාරණය කළේ.

පසුගිය සමයේ සිට මේ දක්වා දෛනිකව තායිවානය ආශ්‍රිතව චීන යුධ නෞකා හා ප්‍රහාරක යානා පියාසර කරවීම සිදුවෙමින් පවතිනවා.
එය පෙර පුහුණුවක් බවටයි තායිවානය චෝදනා කරන්නේ.
චීන ආක්‍රමණයක් වැළැක්වීම සඳහා තායිවාන හමුදානට F- 35 වර්ගයේ ප්‍රහාරක යානා 30ක් ලබාදීමට ද අමෙරිකාව එකඟතාවය පළ කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *