හෙට පාසල් ආරම්භ වන්නෙ මෙහෙමයි

බස්නාහිර පළාත හැර අනෙකුත් සෙසු ප්‍රදේශවල සියලු පාසල් හෙට (15) ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ පාසල්වල 05,11 සහ 13 යන ශ්‍රේණි ද හෙට දිනයේ ආරම්භ කෙරෙනු ඇත.

බස්නාහිර පළාතේ පාසල්වල අනෙකුත් සියලු ම ශ්‍රේණි ලබන අප්‍රේල් මස 19 වනදා ආරම්භ කිරීමටයි අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය මෙවර අගෝස්තු මාසයේ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කර තිබිණි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *