නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බංග්ලාදේශය අද සමත්වුණා.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 08ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මේ අනුව නිදහස් කුසලාන 20 යි 20 තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර හෙට කොලඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :