මෙරට තුල සමාජ මාධ්‍ය සීමා කර තිබූ දින කිහිපය තුල අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව සයිබර් ආරක්ෂණ විශේෂඥයන් අනතුරු අගවනවා.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා සදහන් කළේ විදුලි සංදේශ නියාමන කොමිෂම නිකුත් කළ වාර්තා අනුව එම තහනම පැවැති දිනවලදී 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN හරහා මෙරට සිට සමාජ මාධ්‍ය වෙත පිවිස ඇති බවයි.
එම තැනැත්තන්ගේ අපි පී ලිපින /පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු තොරතුරු ද මේ හරහා හැකර්වරුන් වෙත පත්ව ඇති බවට සැක පවතිනවා.
ඉදිරි අවදානම්වලින් වැලකීම සදහා කඩිනමින් තම ජංගම දුරකතන තුලින් VPN  APP ඉවත් කරන ලෙසයි විශේෂඥයින් උපදෙස් ලබාදෙන්නේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :