ඩිල්ෂාන්ගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ට තවත් විශිෂ්ඨ ජයක්

Sri Lanka

රෝඩ් සේෆ්ටි ලෝක ශුරතා ක්‍රීකට් ප්‍රවීණයන්ගේ තරගාවලියේ තවත් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමස් වුණා.

ඒ එංගලන්ත ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහි පැවති විස්සයි විස්ස තරගය කඩුලු 6කින් ජය ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ප්‍රවීණයක්ගේ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 78ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 6කට කඩුලු 4ක් දවා ගැනීමට සමස්වුණා.

පිිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම පන්දුවා 7 යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 81ක් රැස්කර ජයග්‍රාහි සීමාව පසුකළා.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ නායක ඩිල්ෂාන් නොදැවී ලකුණු 61ක් රැස්කළා.

 

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *