වනිදුගෙන් නව වාර්තාවක් – 3-0ක් ලෙස එක්දින තරගාවලියේ ජය කොදෙව්වන්ට

Sri Lanka

ශ්‍රී ලංකාවට එරෙහි එන්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමස් වුණා.

ඒ ඊයේ පැවති තරගය කඩුලු 5කින් ජය ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 274ක් රැස්කළා.

08 වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි වනිදු හසරංග නොදැවී ලකුණු 80ක් ලබා ගත්තා.

එය වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු 08 වන පිතිකරුවා ලෙස ලබා ගත් වැඩිම ලකුණු සංඛාව ලෙසයි. මීට පෙර එම වාර්තාව හිමිකම් කියනු ලැබුවේ ලකුණු 73ක් රැස් කර සිටි නුවන් කුලසේකරයි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ කොදෙව්වන් පන්දුවාර 48යි පන්දු තුනක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 276ක් ලබා ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

බ්‍රාවෝ ලකුණු 102ක් සහ ශායි හෝප්ස් 64ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 2ක් බිදහෙලුවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *