එන්නත් පරදන කොරෝනා ප්‍රභේදයක් වැළඳුණු අයෙක් ලංකාවෙන් හමුවෙයි / වෛද්‍ය චන්දිම ජීවන්දර

Sri Lanka

කිසිදු කොරෝනා එන්නතකට ප්‍රතිචාර නොදක්වන බවට හඳුනාගෙන ඇති E.484.K නැමැති කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිත පුද්ගලයකු ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර  මහතා මේ බව තහවුරු කළා.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය වැලඳුණු කිසිවකු (B1 351) මෙතෙක් සමාජයෙන් වාර්තා වී නැති බවයි  වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ.පවසයි.

පසුගිය සති කිහිපයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 93 දෙනකුගේ ගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී ටැන්සානියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයකුට මෙම දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය වැලඳී ඇති බවට තහවුරුව තිබුණා.

මහියංගණය, අවිස්සාවේල්ල, පැල්මඩුල්ල, ඇහැලියගොඩ, වාද්දුව, කුරුවිට, බියගම, මාතලේ, රත්තොට, කළුතර යන ප්‍රදේශවල ආසාදිතයන්ගේ හා නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයගෙන් එම ජෛව සාම්පල ලබාගත් බවද ඔහු සඳහන් කළා.

ඒ අතරින් 5 දෙනකුගෙන් ලබාගත් ජෛව සාම්පල අතුරින් 4 දෙනකුට එංගලන්තයේ ව්‍යාප්ත වන වයිරස් ප්‍රභේදය ආසාදිත බවත් එක් අයකුට දකුණු අප්‍රිකානු ප්‍ර​භේදය ආසාදිත බවටත් හඳුනා ගත් බව චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා.

මේ අතර ඉතිරි ජෛව සාම්පල 82 කින් 81 ක්ම ශ්‍රී ලංකාවට ආවේණික (B.1.411) ප්‍රභේදය බවට හඳුනාගෙන තිබුණා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *