කොහුවල මෝටර් රථය තුළ පිළිස්සී තිබූ මළ සිරුරේ අන්‍යතාව තහවුරු වෙයි

කොහුවල ආසිරි මාවත ප්‍රදේශයෙ මෝටර් රථයක තිබී පසුගියදා හමුවූ පිළිස්සී ගිය මළ සිරුර භාතිය මාවතේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයාගේ බවට පරීක්ෂණයෙන් තහවුරු වී තිඛෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පරීක්ෂණ වාර්තා අද දිනයේ ලැබී ඇති බවයි.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී සිදුකිරීමට නියමිතය.

පසුව මරණයට හේතුව අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *