ජපානයේ දී ලාංකීය තරුණියක් මිය යාම ගැන එරට අධිකරණ ඇමතිනියගේ නියමයෙන් පරීක්ෂණ

ජපානයේ නගෝයා නගරයේ පිහිටි ,සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයකදී ශ්‍රී ලාංකික තරුණියක් මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එරට අධිකරණ ඇමතිවරිය නියෝග කළ බව ජපානයේ එන් එච් කේ නාලිකාව පවසනවා.

ජපාන අධිකරණ ඇමතිනී කමිකාවා යෝකෝ මෙම නියෝගය ලබාදී ඇත්තේ මෙම මරණය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවීමෙන් පසුවයි.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම තරුණිය 2017 වසරේ දී ජපානයට ගොස් ඇත්තේ ,ශිෂ්‍ය වීසා පතක්, ආධාරයෙනුයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ ඇයගේ වීසා කාලය නිමවී ඇති අතර අනතුරුව ඇය ව එම මධ්‍යස්ථානයට යොමුකර තිබුණා.

පසුගිය 6 වැනිදා සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයේ කාමරයක් තුළ සිහිසුන්ව සිට මෙම ලාංකීය තරුණිය රෝහල්ගත කරන විටත් මියගොස් සිට තිබුණා.

ජපාන අධිකරණ ඇමතිනිය පවසන්නේ එම තරුණිය තම සෞඛ්‍ය දුර්වල බවට දන්වා තිබූ බවත් එබැවින් වෛද්‍යවරු ඇයව කිහිප වරක් පරීක්ෂා කළ බවටත් තොරතුරු පවතින බවයි.

මේ පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකර තමන් වෙත කරුණු දක්වන්නැයි ද ජපාන අධිකරණ ඇමතිනිය නිලධාරීට දන්වා තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *