චීනයේ බීජිං අගනුවර දුඹුරු පැහැයට හැරෙයි / 341 ක් අතුරුදන්

චීනයේ බීජිං අගනුවර ඇතුළු කලාපයට වාර්තාගත මට්ටමේ දූවිල කුණාටුවක් බලපා තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ,ගෝබි කාන්තාරයේ සිට හමා ආ මෙම දූවිලි කුණාටුව ගතවූ දශක කිහිපයේ එරටට බලපෑ ප්‍රබලතම දූවිලි කුණාටුව බවයි.
මේ සමග බීජිං හා අවට නගර රැසක් දුඹුරු පැහැයට හැරී තිබෙනවා.
මෙම දුවිල කුණාටුව සමග බීජිං නගරයේ වායු දූෂණ මට්ටම ඉහළම අවදානම් මට්ටම වන 500ක අගයද ඉක්මවා ගියා.
මෙය සෞඛයයට ඉතා අහිතකර තත්ත්වයක් බවයි කාලගුණ අංශ පවසන්නේ.
මේ අතර දූවිලි කුණාටුව හේතුවෙන් මොංගෝලියාවේ (Inner Mongolia) පුද්ගලයන් 341ක් අතුරුදන්ව තිබෙනවා.
කුණාටුවේ බලපෑම හේතුවෙන් අතුරුදන්වූවන් සෙවීමට ද බාධා මතුව ඇතැයි සදහන්.

1oumbm0s

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *