එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය ඉදිරි සති දෙක ඇතුළත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

පක්‍ෂ ප්‍රති සංවිධානයේදී එක්සත් ජාතික පක්‍ෂ නිලධාරී මණ්ඩලයේ කැපී පෙනෙන වෙනසක් කිරීමට නියමිත අතර පක්‍ෂ මහලේකම් ධූරය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමටත් නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා අළුත්ම මුහුණක් ඉදිරිපත් කිරීමටත් තීරණය වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කළා.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් පණිවිඩය තේරුම් ගෙන 2020 මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි පසුබිම සකස් කිරීම සඳහා මෙම ප්‍රතිසංවිධානය කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා නිර්දේශ ලබා ගැනීමට පක්ෂනායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාගේ නියමයෙන් පත් කෙරුණු කමිටු තුනේ අදහස්ද මෙම පුර්ණ ප්‍රතිසංවිධානයේදී සලකා බැලීමට නියමිතයි.

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ,ආරක්ෂකරාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු තුන පත් කෙරුණු අතර මෙම කමිටු වල නිර්දේශ මෙන්ම පක්ෂයේ බිම් මට්ටමේ අදහස් පිළිබඳව සැලකීම යොමුකර නව නිලධාරී මණ්ඩලය පත් කිරීමට නියමිතයි.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :