කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගෙන් කර්මාන්ත විෂය ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල ෆෙඩරේෂණය පවසනවා.
එහි සභාපති සරත් කහපොළආරච්චි මහතා සදහන් කළේ කාලයක් පුරා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයෙන් දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකරන බවයි.
ඒ අනුව කර්මාන්ත විෂය වෙනත් අමාත්‍යාංශයකට පවරන ලෙසද ඔවුන් ඉල්ලා සිටිනවා.
අද වන විට දේශීය කර්මාන්තකරුවන්ට බැංකු පහසුකම් ලබාගැනීම ආදී අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීමේදී පවා විශාල දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බවත් අමාත්‍යාංශය ඊට විසදුම් ලබාදී නොමැති බවත් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල ෆෙඩරේෂණය පෙන්වා දෙනවා.
චීනය හා ඉන්දියාව වැනි මහා පරිමාණ කර්මාන්තකරැවන් සිටින රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට පිවිසීමට රජය සැලසුම් සකස් කරමින් සිටින මොහොතක දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට නිසි පියවර නොගතහොත් රටේ ආර්ථිකය දැඩි අවධානමකට ලක්වනු ඇති බවටයි එම සංගමය රජයට පෙන්වා දෙන්නේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :