රටින් පැන්න නාමල්ගේ ලේකම්වරියට ජාත්‍යන්තර වරෙන්තු

නීති විරෝධී ලෙස ඉපැයූ රුපියල් මිලියන 30ක් ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම හරහා විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනකුට එරෙහි නඩුවේ, රටින් පැන ගොස් සිටි විත්තිකාරිය වන බටපොළ ආරච්චිගේ ඔනෙල්ලා ඉරේෂා සිල්වා නමැත්තියට ජාත්‍යන්තර පොලිසිය මගින් වරෙන්තු නිකුත් කර තිඛෙනවා.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන විත්තිකරුවන් 3න් දෙනකු රහිතව නඩුව විභාගයට ගැනීම සඳහා මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් තීරණය කරනු ලැබුවා.

රටෙන් පැනගොස් සිටි විත්තිකරුවන් වන නීතිඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔනෙල්ලා ඉරේෂා සිල්වා ඇතුලු පිරිස නොමැතිවයි නඩුව විභාගයට ගැනෙන්නේ.
මෙහි අනෙක් විත්තිකරුවන් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම සහ නිත්‍ය සේනානි සමරනායක යන අයයි. නඩුව අද යළිත් කොලඹ මහාධිකරණයේදී විභාගයට ගැනෙනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish