කොළඹ අවදානම් – උත්සව සමයේ සංචරණ සීමා පැනවිය යුතුයි – GMOA

Sri Lanka

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සදහා එළඹෙන උත්සව සමයේ සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් බලධාරීන් පියවර ගනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ උත්සව සමයේ ජනතාවගේ සංචණය සීමා කිරීමට අවශ්‍ය පියවර ගත යුතුව ඇති බවයි.

ඊට අදාළව යම් නීති සකස් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබදව ද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උත්සව සමයේ කොළඹ නගරයට වැඩි වශයෙන් ජනතාව පැමිණෙන බවත් එය පාලනය නොකළහොත් කොවිඩ් ව්‍යාප්තිය වැඩි වනු ඇති බවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සදහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *