ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලට 28 ලක්ෂයක් අහුවෙලා

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය රටේ ජනතාවට බලපාන ජාතික ප්‍රශ්නයක් කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මේ වන විට ක්‍ෂුද්‍ර මූල්‍ය ණය උගුලට මෙරට මිලියන 2.8ක ජනතාව අසුවී ඇති අතර ඉන් ලක්ෂ 2කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් බවත් මේ වනවිට 200ක් දෙනා සියදිවි නසාගෙන ඇති බවත් මන්ත්‍රිවරිය සඳහන් කළාය.

අඩු ආදායම්ලාභීන් බොහොමයක් මෙම ණය ගැනීමේදී පැහැදිලි අවබෝධයෙන් තොරව ණය ගෙන ඇති අතර ඒ ගැන නිසි පැහැදිලි කිරීමක් නොකර ණය ලබාදීමත් හේතුවෙන් ඔවුන් බරපතළ සිරවීමකට ලක්ව ඇති බව ඇය පෙන්වා දෙයි.

අමරසූරිය මහත්මිය සඳහන් කරන්නේ මහ බැංකු බැඳුම්කරයත්, සීනි වැනි ගනුදෙනුවලින් ව්‍යාපාරිකයන් අසීමිත ලෙස කළු සල්ලි උපයන රටක කුඩා ණයක් ලබා ගන්නා අහිංසක ජනතාව වස බී දිවිනසා ගනිද්දී, සත්‍යග්‍රහ කරද්දී ආණ්ඩුව ඒ කිසිවක් නොදන්නාසේ හැසිරීම කනගාටුදායක බවයි.

විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර මැතිවරණ වේදිකාවේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණයවලින් බැටකන ජනතාවගේ කඳුළු විකුණමින් දුන් පොරොන්දු නායකයන් නැවත සිහිපත් කරගතයුතු බවද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

අනුරාධා හේරත්

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *