බුර්කා තහනම ගැන කැබිනට් පත්‍රිකාව කැබිනට් සාකච්ජාවට ඉදිරිපත් කර නැහැ

Sri Lanka

බුර්කා තහනම සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් නොවූ බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
ඔහු කියා සිටියේ එම තහනම සම්බන්ධයෙන් කිසිදු සාකච්ජාවක් හෝ කැබිනට් මණ්ඩලය තුල සිදු නොවූ බවයි.
පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසුවේ අදාල තහනමට සම්බන්ධ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් තබා ඇති අතර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
මේ අතර බුර්කාව තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය කනස්සල්ල පළකර තිබෙනවා.
මෙරට පාකිස්තාන මහකොමසාරිස්වරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ බුර්කාව තහනම් කිරීම තුළින් මෙරට මුස්ලිම් ජනාතාවගේ මෙන්ම ලොව පුරා මුස්ලිම්වරුන්ගේ හැගීම්වලට හානියක් සිදුවන බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *