ඊයේ වැඩිම ආසාදිතයන් මාතර , කොස්මෝදරින් / විදෙස්ගතව පැමිණි 83 ක් ආසාදිත වෙලා

ගතවූ දිනය තුල කොරෝනා ආසාදිතයන් 331 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා.
එම ආසාදිතයින් අතරින් 83 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්වීම විශේෂත්වයක්.
වැඩිම ආසාදිතයින් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 49 ක්.කොස්මෝදරින් ආසාදිතයන් 28 ක් හා මොරවකින් ආසාදිතයන් 15ක් හඳුනා ගැණුනා.
මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 34 බැගින් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 ක් වාර්තා වුණා.
අද (16) දින උදෑසන වනවිට, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,238 ක් වන අතර ඉන් පුද්ගලයින් 84,969 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ති‌බෙනවා.
රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2,737 දෙනෙකු පමණයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *