කහවත්ත ප්‍රදේශයේදී පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට කළ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව යොමු කළ හිස් පතොරොම් හය සිද්ධීය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවිවලින් නිකුත් වූ ඒවා නොවන බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිඛෙනවා.
රජයේ නියෝජ්‍ය රස පරීක්‍ෂක පී. ගාමිණී මඩවල මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා ඉදිරියේ අදාළ නඩුව කැඳවු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.
රත්නපුර කහවත්ත නගරයේ දී 2015 ජනවාරි 05 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී දේශපාලන රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තබා ප්‍රහාරයක් එල්ලවුණා.
අධිචෝදනා නවයක් අනුව විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී ද ඒ අතර වනවා.
කෙසේ වෙතත් පසුගිය සමයේ හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ ප්‍රේමලාල් ජයසේකර මහතා මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලටයි සහාය දක්වමින් සිටින්නේ.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.