බුර්කාව තහනම් කිරීම යෝජනාවක් පමණයි / තීරණයක් ගෙන නැහැ / විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතුකර තිබෙන බව විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා නිවේදනය මගින් පවසන්නේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය මෙතෙක් තීරණයක්ගෙන නොමැති බවයි.
එය හුදු යෝජනාවක් පමණක්වන අතර එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවද ඔහු අවධාරණය කර තිබෙනවා.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාවල මෙම යෝජනාව සඳහා පදනම් වී ඇති බවද එහි සදහන්.
රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමග පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන පැවැත්වීම සහ එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රමාණවත් කාලයක් වැය කරනු ඇති බවත් විදේශ අමාත්‍යාංශය අවධාරණය කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *