දකුණු කොරියාවේ ලාංකිකයින්ට විශේෂ අවස්ථාවක්

දකුණු කොරියාවේ විවිද ප්‍රදේශවල සේවය කරනවිදෙස් ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය යෙන් මිලකළ නොහැකි අනඟි අවස්ථාවක් හිමිකර දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් කොරියාවේ ලක් තානාපති කාර්යාලය විසින් එරට සේවය කරන සියළුම ලාංකික ශ්‍රමිකයින්ට මෙම අනඟි වැඩ සටහන ගැන විශේෂ සිහිපත් කිරීමක් කර ඇත.

විදෙස් ශ්‍රමිකයන්ගේ වෘත්තීය හැකියාවන් දියුණු කිරීමේ වැඩසටහන  – 2018 – බුසාන් නගරය

ඒ අනුව, සේවා කාලය අවසන් කර නැවත මව්බිම වෙත යන බුසාන් නගරය තුල හා අවට සේවයේ නිරත වී සිටින ඔබ සදහා විදෙස් ශ්‍රමිකයන්ගේ වෘත්තීය හැකියාවන් දියුණු කිරීමේ වැඩසටහනක් දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් සංවිධානය කර තිබේ. පහත සදහන් තොරතුරු හරහා මෙම අවස්ථාවෙන් නිසි ප්‍රතිඵල ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙසේ දැනුම් දේ.

මේ අනඟි අවස්ථාවට ඔබත් නොවරදවාම සහභාගි වෙන්න.(Wedabima)

සම්පූර්ණ විස්තර ඇතුළත් තොරතුරු පත්‍රිකා පහත ලින්කුවෙන් පිවිසීමෙන් භාගතකර ගැනීමට හැකියාව ඇත.

korea
10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :