සන්ධාන මන්ත්‍රී සනත් නිශාන්ත රිමාන්ඩ්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත පෙරේරා මැයි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
හලාවත මහාධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව විභාග වන නඩුවකට අදාලව
ඇප ලබා සිටි සැකකරුවන්ට සෑම සතියකම ඉරිදා හලාවත පොලීසියට පැමිණ අත්සන් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබුණා.2017 දී අගෝස්තු මාසයේ සිට සිට පොලීසියට පැමිණ අත්සන් නොකිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට චෝදනා එල්ලවී තිබෙනවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :