එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතායි නියෝගය ලබාදුන්නේ.
ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පල කරමින් 2016 වසරේදී මහජන පීඩාවන් ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ නිරත වීම ඇතුළු චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාග වනවා.
අද දිනයේ අදිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :