මහනුවර හා අම්පාර ගැන අගමැතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක්

මහනුවර සහ අම්පාර ආශ්‍රීතව සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධව මෙතෙක් ගෙන ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඉදිරියේ මෙවැනි සිද්ධීන් ඇති වීම වළක්වා ගැනීම පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමේ මූලික සාකච්ඡාවක් අද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. .

අමාත්‍යවරුන් , මුස්ලිම් ජනතා නියෝජිතයන් සහ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

නීති විරෝධී කටයුතුවල නිරත වූ පිරිස් සම්බන්ධයෙන් පොලීසිය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා. මෙතෙක් අධිකරණය හමුවට පමුණුවා ඇති චූදිතයන් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අනුගමනය කිරීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනාගතයේ මෙවැනි සිද්ධීන් වළකාලීම උදෙසා ජාතික මට්ටමේ ක්‍රියාමාර්ගයන් ගත යුතු බව මෙහිදී අවධාරණය කර තිබෙනවා.

වන්දි ගෙවීම් පිළිබඳ කටයුතු කඩිනම් කරලීම හා දීර්ඝ කාලීන තිරසර සහජීවනය තහවුරු කරලීමේ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කරලීම සඳහා මුස්ලිම් ජනතා නියෝජිතයන් සහ රජයේ අදාළ අමාත්‍යවරුන් හා නිලධාරීන් අතර සාකච්ඡා වාරයක් කඩිනමින් සංවිධානය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :