අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අතර විශේෂ සාකච්ජාවක් ඊයේ දිනයේදී පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
රජයේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ පුත්‍රයා වන ඔහු අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයකු බව සදහන්.
පැය එකහමාරක පමණ කාලයක් පුරා අරලිය ගහ මන්දිරයේදී පැවැති සාකච්ජාවේදී අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ඇතුළු විශේෂ සහ තීරණාත්මක දේශපාලන කරුණු කරණා රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සදහන්.
මේ වන විට අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව සාර්ථක අවසානයක් කරා පැමිණ ඇති බැවින් පක්ෂයටත් ඔහුටත් අසාධාරණයක් නොවන තීන්දුවක් කඩිනමින් ගන්නා ලෙස තරුණ මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පල කළ බවද එම වාර්තා හෙළිකරනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :