දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Sri Lanka

අසාධාරණ විනය ක්‍රියාමාර්ග අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන දුම්රිය රියදුරන් සහ නියාමකයින් පිරිසක් ආරම්භ කළ හදිසි වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා  සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද මධ්‍යම රාත්‍රිය දක්වා කාර්යාල දුම්රිය පමණක් ධාවනය කරවීමට දැනට කටයුතු යොදා ඇති බව ද ඔහු සඳහන් කළා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *