ලීසිං ණය සහනය දීර්ඝ කර ගන්න රියදුරු සංගමයක් අධිකරණයට

Sri Lanka

පුද්ගලික මූල්‍ය ආයතන මගින් ලබාගෙන ඇති කල් බදු ලීසිං ගෙවීමේ සහන කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සංචාරක රියදුරන්ගේ එකමුතුව අද අධිකරණයට පෙත්සමක් ගොණු කර තිඛෙනවා.

අභියාචාණාධිකරණය හමුවේ අදාළ පෙත්සම ගොණු කළ පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ මූල්‍ය ආයතන සිදුකරන, ණය මුදල් වලට වැල් පොලී එකතු කිරීම සහ ණය නොගෙවූ වාහන රැගෙන ගොස් වෙන්දේසියේ දැමීම මෙන්ම බිය වැද්දවීම වළක්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසයි.

මුදල් අමාත්‍යවරයා, ජනාධිපති ලේකම්වරයා සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිඛෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *