විමුක්ති රට හදන සටනට එන්න සූදානම් -CBK

Sri Lanka

තමන් ගොඩනැගීම වෙනුවට රට ගොඩ නැගීමේ අරමුණ වෙනුවෙන් පවතින ක්‍රමවේදයේ වෙනසක් සිදුවන්නේ නම් ඊට දායක වීමට තම පුත්‍රයා ද එක්වනු ඇතැයි හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

කාන්තා දිනයට සමගාමීව පැවති සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව පැවසුවා.

ඇය පෙන්වා දෙන්නෙ පවතින දේශපාලන ක්‍රමවේදය වෙනස් කිරීමට තරුණ තරුණියන් ප්‍රමුඛත්වය ගෙන තීන්දු තීරණය ගත යුතු ව ඇති බවයි.

තම පුතණුවන් මෙන්ම දියණිය ද රටේ පවතින තත්ත්වය සහ ලෝකයේ සිදුවන වෙනස්කම් පිළිබද හොද අවබෝධයකින් යුතුව කටයුතු කරන බවයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නේ.

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සුළු කණ්ඩායමකට නොහැකි බවත් එය විශාල තරුණ පිරිසක් එක්ව සිදුකළ යුතු කරුණක් බවත් ඇය පෙන්වා දෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *