කොරෝනා වැළදී දකුණු ආසියාවේ ළමා මරණ දෙලක්ෂ විසිදහසක්

Sri Lanka

කොරෝනා වැළදීමෙන් දකුණු ආසියාව තුළ පමණක් කුඩා දරුවන් දෙලක්ෂ විසිඅට දහසක් මරණයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරනවා.

ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාවෙන් මෙම මරණ වාර්තා වුණා. මෙම රටවල බිලියන එකයි දශම අටක ජනතාවක් ජීවත් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරන්නේ කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කාන්තාවන්ට සහ දරුවන්ට බවයි. දකුණු ආසියා කලාපය තුළින් කෝවිඩ් ආසාදිතයන් මිලියන දහතුනකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මෙම කලාපයේ කෝවිඩ් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව එක්ලක්ෂ අසූහයදහස ඉක්මවනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *