ඇමෙරිකාවේ ස්ථාන 3ක වෙඩි තැබීම්වලින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්බාහන මධ්‍යස්ථාන තුනකදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටාහි සම්බාහන මධ්‍යස්ථාන තුනක සිදු වූ මෙම වෙඩි ප්‍රහාරවලින් මියගිය අය අතර ආසියානු කාන්තාවන් 6 දෙනෙකු සිටින බව සදහන්.

වෙඩි තැබීම සම්බන්ධයෙන් විසිඑක් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙම සම්බාහන මධ්‍යස්ථාන තුනෙහිම වෙඩි තැබීම් සංවිධාන කර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මුදල් මංකොල්ලකෑම් අරමුණු කරගනිමින් වෙඩි තැබීම සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *