ගෑස් කාන්දුවක් හේතුවෙන් සේවක සේවිකාවන් සියයකට ආසන්න ප්‍රමාණයක් රෝහල්ගත කළ ඒකල ප්‍රදේශයේ ඇගලුම් කම්හල දින 3ක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිඛෙනවා.
මෙම කම්හලේදී ඊයේ දිනයේදීත් අදාළ ගෑස් කාන්දුව හේතුවෙන් සේවක සේවිකාවන් පිරිසක් ගම්පහ මහ රෝහලට ඇතුලත් කර තිබුණා.
අද දිනයේදීත් සේවක සේවිකාවන් සේවයට වාර්තා කර මද වේලාවකින් සිහිසුන් තත්ත්වයකට පත්වීම මත එම කම්හල් පාලානාධිකාරිය විසින් රෝගීවූවන් වහා රෝහල් වෙත යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතරින් වැඩි පිරිසක් තරුණියන් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :