විශ්වාසභංගය ගැස්සුණොත් අගමැතිකම දුෂ්කර පළාතකට ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ට අමාත්‍යවරයකු එම ධූරයට පත් කිරීම සදහා දේශපාලනික සාකච්ජාවක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අනාවරණ වනවා.
ඒ අනුව ජාතික වීරයකුගේ නමට සමාන නමක් පවතින දිවයිනේ දුෂ්කර දිස්ත්‍රික්කයක් නියෝජනය කරන ජ්‍යෙෂ්ට අමාත්‍යවරයකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුතු බවට වන එකගතාවයක් මේ වනවිටත් පාර්ශව කිහිපයක් අතර පවතින බව අදාළ වාර්තා අනාවරණ කළා..
යම් හෙයකින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය පරාජයට පත්වුවහොත් ඒකාබද්ධ විපක්ෂයට අත්කර ගැනීමේ හැකියාව වැලැක්වීමට මෙම සාකච්ජාවේ අරමුණ බව සදහන්.
ඒ අනුව නිදහස් පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂ විරෝධී කණ්ඩායමක්ද මෙම යෝජනාවට සහාය දක්වා තිඛෙනවා.
මේ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමෘද්ධි අමාත්‍ය එස් බී දිසානානයක මහතාගේ නිවසේදී විශේෂ සාකච්ජාවක් පවත්වා තිඛෙනවා.
ඒ විශ්වාසභංගයේ ප්‍රගතිය හා එහි ඉදිරි පියවර පිළිබදයි.කෙසේ වෙතත් පවත්නා දේශපාලන වාතාවරණය අනුව ඒකාබද්ධ විපක්ෂයට විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම දුෂ්කර බවයි දැක්වෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ නායකත්ව වෙනසක් සිදුකිරීමට එකගතාවය පලවීමයි මෙම තත්වයට බලපා ඇති බව ප්‍රකාශ වන්නේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :