ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හා වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කළ වාර්තාව අද ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කර අවධානයට ලක් කෙරෙනවා.
ඒ පසුගිය සමයේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් හා ප්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් දැක්වූ ප්‍රගතිය පිළිබද සමාලෝචන වාර්තාවක් ලෙසයි.
පසුගිය සමයේ විවිධ අවස්ථාවල ජගත් සංවිධාන නියෝජිතයින් මෙරටට පැමිණ මෙරට තත්ත්වය පිළිබද සොයා බලනු ලැබුවා.
ඒ අනුව එම ක්‍රියාවලියේ ඌනතා හා සාධනීය ලක්ෂණ පිළිබද මෙහිදී අවධානයට ලක්වනවා.
මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය තිලක් මාරපන / ආචාර්ය සරත් අමුනුගම හා ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරුන් එක්ව සිටිනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :