ගතවූ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහින් / මාතරින්

Sri Lanka

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.
එම ආසාදිතයින් ගණන 41ක්.
මාතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 40 දෙනෙකු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
සෙසු ආසාදිතයින් 206 දෙනා දිස්ත්‍රික්ක 18 කින් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 88,862 ක්.
ඉන් කොවිඩ් ආසාදිතයින් 85,725 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 537ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *