අවුරුදු 65 ඉක්මවූවන්ට දෙවන වරටත් කොරෝනා වැළදීමේ ඉහළ අවදානමක් / ලැන්සෙට් සඟරාව

Sri Lanka

කොරෝනා ආසාදිතව සුවය ලබන වයස අවුරුදු 65 ඉක්මවූ සෑම දෙදෙනකුගෙන්ම අයකුට යලි වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බව අනාවරණ වී තිබෙනවා.
ලැන්සෙට් සඟරාව සිය නවතම අධ්‍යයනය මගින් මේ බව අනාවරණ කළා.
ඒ අනුව මාස 6ක දත්ත පදනම් කර ගනිමින් ආසාදිතයන් සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක ඇගයීමක් සිදුකර තිබූ අතර එහිදී හෙලිව ඇත්තේ ,වයස අවුරුදු 65 ඉක්මවූ පිරිස් යළි වෛරසයට ගොදුරුවීමේ අවධානම උග්‍ර මට්ටමක පවතින බවයි.
ඒ අනුව තෝරාගත් නියැදියේ යළි ආසාදිතයන්ගෙන් සියයට 53ක් වයස අවුරුදු 65 ඉක්මවූවන් වනවා.
කෙසේ වෙතත් තරුණ වියේ පසුවන්නන් හා දරුවන්ට වෛරසය යළි ආසාදනයවීමේ හැකියාව සියයට 20ක් තරම් අවම අගයක පවතිනවා.
මෙම දත්ත මත පදනම්ව ආසාදනයවී සුවය ලබන වැඩිහිටි රෝගීන් අඛණ්ඩ සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බවයි ලැන්සෙට් සඟරාව පවසන්නේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *