බයිඩන්ගේ ,ඝාතක චෝදනාවට පුටින්ගෙන් ප්‍රතිචාර / දෙරටේ සබඳතා අනතුරේ

අමෙරිකානු ජනපති ජෝ බයිඩන් විසින් රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ඝාතකයකු ලෙස නම් කිරීම දෙරට අතර බරපතල මට්ටමේ අර්බුධයක් දක්වා ගමන් කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ රුසියානු ජනපති විලැද්මියර් පුටින් විසින් ද අද එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සමගයි.
එහිදී රුසියානු ජනපතිවරයා පැවසුවේ , රුසියාව සබදතා පවත්වන සෑම රටක්ම තම රටේ ප්‍රමිතියෙන් යුක්ත බව රුසියාව විශ්වාස කළ බවයි.
මෙය කුඩා දරුවකුගේ විහිළුවක් ලෙස නොව මනෝවිද්‍යාත්මක වශයෙන් බරපතල ප්‍රකාශයක් ලෙස සලකන බවයි විලැද්මියර් පුටින් පවසන්නේ.
රුසියාව රුසියාවේ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර අමෙරිකාවට ඊට මුහුණදීමට සිදුවනු ඇති බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *