රජයේ සහනාධාර වැඩපිළිවෙල යටතේ ලබාදුන් ප්‍රථම යාත්‍රා දෙකෙන් එකක් සිය මංගල ගමනේදීම ගිනිගැනීම පිළිබද විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස ධීවර රාජ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

දික්ඕවිට  ධිවර වරායෙන් ගමන් ඇරැඹු “ජනත් පුතා 2” ධීවර යාත්‍රාව හික්කඩුවට කිලෝ මීටර් 51 ක් දුරින් පැවැතියදීයි මෙසේ ගිනිගෙන තිබුණේ.

දිගින් අඩි 60ක් වන මෛ යාත්‍රාවේ වටිනාකම රුපියල් කෝටි 3ක්. මේ ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයයි.

වත්මන් රජය විසින් ලබාදෙන සහනාධාර වැඩපිළිවෙල යටතේ ලබාදුන් අඩි 60 විශාල යාත්‍රා දෙකෙන් එක් යාත්‍රාවක්  සිය මංගල ගමනේදී අද උදෑසන ගිනිගෙන විනාශවීම පිළිබද වහා  විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය .
               ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබුවේ මෙම යාත්‍රාව ගිනිගැනීම පිළිබද වහා සොයා බලා වාර්තාවක් සපයන ලෙසය .
               ජනත් පුතා 2  නමැති මෙම යාත්‍රාව දික්ඕවිට ධිවර වරායෙන් පිටත්ව ඇත්තේ 21 දින වන අතර එම ගමන පිටත්ව කෙටි කාලයක් තුල හික්කඩුවට කිලෝමීටර් 51 ක් දුරුන් ගිනිගැනීමට ලක්ව ඇතැයි වාර්තා විය .
               එහි සිටි ධිවරයින්  ජනිත් පුතා 1  නමැති රජයේ සහනාධාර වැඩපිළිවෙල යටතේ ලබාදුන් අනෙක් යාත්‍රාව විසින් බේරාගෙන ඇති බවත් වාර්තා වී තිබේ . එලෙස ජිවිත බේරාගෙන ඇති ධිවරයින් සංඛ්‍යාව 06 දෙනෙකි .
               ඒ අනුව මෙම යාත්‍රාව ගිනිගැනීමට හේතුව පිලිබදව වහා විධිමත් පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් සපයන ලෙස ද අදාළ නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් උපදෙස්
දෙන ලදී .
 
 
    සරත් චන්ද්‍රසිරි,
     ගරු ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමාගේ
   මාධ්‍ය ලේකම්.
21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :