අගමැතිට සහාය පලකරන යෝජනාවකට එජාපයෙන් අත්සන් 70ක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කරමින් වන යෝජනාවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70 දෙනකු අද අත්සන් තබා තිබෙනවා.
එම පක්ෂයේ ප්‍රකාශකයකු සදහන් කළේ අද දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ජාවකදී මෙම අත්සන් තැබීම සිදුකර ඇති බවයි. හෙට දිනයේදී රජයට සම්බන්ධ හා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරන අනෙක් මන්ත්‍රීවරු මේ සදහා අත්සන් කිරීමට නියමිතව තිබෙනවා.
කිසිදු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විශ්වාසභංගයට සහාය පල නොකිරීමටද එකගතාවය පල කළ බව අදාළ වාර්තා අනාවරණ කළා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :