දිගන ප්‍රදේශයේ හටගත් නොසන්සුන් තත්ත්වය සමග මහනුවර දිස්ත්‍රික්කයේ යොදවා තිබූ දැඩි ආරක්ෂාව මේ වන විට ක්‍රමයෙන් ලිහිල් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රදේශයේ සාමකාමී වාතාවරණය තහවුරුවීම හේතුවෙන් යාපනය,කිලිනොච්චි, මුලතිව් ඇතුළු ආරක්ෂක සේවා මූලස්ථාන වෙතින් ගෙන්වූ භට පිරිස් ඔවුන්ගේ කඳවුරු වෙත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව එකොළොස්වන සේනාංකය යටතේ ස්ථාපිත බලඇණියන්ගේ භට පිරිස් පමණක් මහනුවර අවට ආරක්ෂව සඳහා යොදවා ඇති බව යුධ හමුදාව සදහන් කරනවා.
මුර සංචාරක කටයුතු සහ මාර්ග බාධක කටයතු වලදී පොලිසිය හා ඒකාබද්ධව කටයුතු කිරීම මේ වන විට හමුදා සාමාජිකයින් විසින් සිදුකරමින් පවතිනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :