ශ්‍රීලනිප ඇමති 5කගේ වංචා දූෂණ ගැන කඩිනම් විමර්ෂණ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පස් දෙනකුට එල්ලවී ඇති දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනකුට හා එක් රාජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිවයි මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ.
ඔවුන් පසුගිය රජය සමයේ මෙම බරපතල අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ලවී තිබුණද පසුගිය සමයේ ඒ පිළිබද නිසි පියවරක් ගෙන තිබුණේ නැහැ.
ජනාධිපතිවරයා පකිස්ථානය බලා පිටත්ව යාමට පෙර නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මේ පිළිබද අදාළ අංශ දැනුවත් කර ඇති බවද සදහන්.
මෙම පිරිස මේ වන විටත් රජයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග රහසිගතව කටයුතු කරන අතර රජයට චෝදනා එල්ල කරන නිදහස් පක්ෂයේ සීමිත පිරිස අතරටද ඔවුන් ඇතුලත්ව සිටිනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :