කොරෝනා අවදානම මැද අවුරුදු ක්‍රීඩා එපා / PHI සංගමය ඉල්ලයි

Sri Lanka

ලුත් අවුරුදු සමයේ ජන ක්‍රීඩා හා බැඳී කොරෝනා තුන්වැනි රැල්ලක් පැමිණීමේ අවදානමක් පැවැතිය හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දු සමයත් සමග කරළියට පැමිණෙන අවුරුදු උත්සවයන්හි කඹ ඇදීම, කොට්ටාපොර තරග, කනාමුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම, වැනි කෙළි සෙල්ලම්වලදී එකම රෙදිකඩක් භාවිත කර මුව ආවරණය කිරීම, කඹයේ දෙපැත්ත මාරුකරමින් ඇදීම හා එකම කොට්ටය භාවිත කිරීම වැනි හේතු මගින් කොවිඩ් ඉක්මනින් ආසාදනය වීමේ බරපතළ අවදානමක් මතුවිය හැකි බව සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය තවදුරටත් පවතින බැවින් මෙවන් අවදානම් සහිත ජන ක්‍රීඩාවල නොයෙදෙන්නේ නම් මැනවි යැයිද එසේම අවුරුදු උත්සව සංවිධානය නොකර සිටින ලෙස සංවිධායකවරුන්ගෙන් සංගමය විශේෂ ඉල්ලීමක්ද කරන බව ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ජනතාවට සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් වූ නව උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉක්මනින් හඳුන්වා දීමට කටයුතු කළ යුතු යැයිද බාලසූරිය මහතා සඳහන් කරයි.

ශ්‍රීයානි විජේසිංහ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *