වැස්ස නිසා මත්තල ගුවන් තොටුපලට යානා 2ක් එයි

කටුනායකට අද දහවල් බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට  පියවර ගෙන තිඛෙනවා.
ඉන්දියාවේ චෙන්නායි සිට දහවල් 11.20 ට කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 122 දරන යානය හා දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 708  දරන ගුවන් යානය මෙසේ මත්තල ගුවන් තොටුපලට ගොඩබැස්වීමටයි පියවර ගැණුනේ.
 කටුනායක අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය අයහපත් වුවද , ඒ වනවිට හම්බන්තොට අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් මට්ටමක තිබීම හේතුවෙන් මෙම පියවර ගත් බව හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ කළමනාකාරවරයා සදහන් කළා.
ගුවන් යානා දෙක දහවල් 12.00 ට පමණ එහි ලගා වූ අතර , එම ගුවන් යානා වලින් මගීන් බිමට බැස්සවීම සිදු නොකර තබා ගැනීමට කටයුතු කළ එම ගුවන් තොටුපොළ බලධාරීන් , යළිත් එම ගුවන් යානා දෙක දහවල් 12.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් කර එවා තිබුණා.
මෙම ගුවන් යානා දෙක තුළ මගීන් 285 ක් පමණ සිටි අතර , ගුවන් යානා කාර්යය මණ්ඩලය 30 ක් පමණ සිටි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සදහන් කළේ.
3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish