රථවාහන මිල සියයට 9කින් වැඩිවන ලකුණු

ආනයනික් මෝටර් රථවල මිල සියයට 9කින් ඉහල යා හැකි බව ශ්‍රී ලංකා රථවාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
තවදුරටත් රුපියල අවප්‍රමාණයවීම හා ජපන් යෙන් / ස්ටර්ලිං පවුම් / අමෙරිකානු හා ඔස්ටේ්‍රලියානු ඩොලර් ශක්තිමත්වීම හේතුවෙන් ආනයන වියදම් ඉහලයාමයි මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ.
මෑතකාලීනව ජපාන යෙන් 1ක් රුපියල් 1.37 ක සිට රුපියල් 1යි 50 තෙක් වර්ධනයවී තිඛෙනවා.
ඒ අනුව සුසුකී වැගන් ආර් හා ටෝයෝටා විට්ස් ර,යක් රුපියල් 250,000කින් පමණ ඉහල යාමට නියමිතයි.
පසුගිය අයවැයෙන් 1000 සීසී ධාරිතාවයට වඩා අඩු රථවාහන සදහා වන ආනයන බදු අඩු කිරීම හේතුවෙන් රථවාහන මිල සියයට 8ත් 12ත් අතර අගයකින් පහත වැටුණා.
කෙසේ වෙතත් යළි මිල ඉහලයාම කඩිනමින් සිදුවන බවයි රථවාහන ගෙන්වන්නන් අවධාරණය කරන්නේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :