මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද
හිතක්‌ හිනැහුණා…

ආචාර්ය වික්‌ටර් රත්නායක මේ ගයන්නේ සරත් දසනායනකයන්ගේ තනුවක්‌. අපේ ප්‍රවීණයන් හැදූ මෙවන් තනු රැසකින් යුත් ගී වික්‌ටර්ගේ හ`ඩින් ගැයේ.

කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමර බඹසර අසපුවේ මා
සම වැදී උන් දැහැන් බි`දුනා

ආචාර්ය පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් මේ ගයන්නේ ආචාර්ය වික්‌ටර් රත්නායක හැදූ තනුවක්‌. ඔහු මෙලෙස මධුර වූ තනු රැසක්‌ අපේ ප්‍රවීණ ගායක ගායිකාවන්ට නිර්මාණය කර ඇත.

ඒ ජනප්‍රිය ගීවල තනුව වික්‌ටර්ගේ බව බොහෝ දෙනකු නොදන්නා බව නිසැකය.

මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඕවිල්ලේ
කොණ්‌ඩෙ කඩන් හ`දට අ`ඩන්
සින්දු කියන්නී කුණ්‌ඩුමනී…

ප්‍රේමකීර්ති ද අල්විස්‌ ලියූ ගීය ගයන්නේ ෆ්‍රෙඩී සිල්වා. තනුව වික්‌ටර් රත්නායකගේ. වික්‌ටර් ෆ්‍රෙඩීට තවත් ගීත කීපයකට තනු රචනා කර ඇත.

පාං කිරිත්තා තක්‌කිට තරිකිට, හ`දමාමා උඩින් යතේ, උපන් හදවියේ දුකක්‌ අහලා නැති අපේ අඩවියේ. එම්. එස්‌. ප්‍රනාන්දු ගැයූ ඒ ගීය මෙන්ම දෙතුන් වතාවක්‌ ඔබ ඇමතුවෙමි (මිල්ටන් පෙරේරා), කුමරියක පා සලඹ සැලුනා (පණ්‌ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව), ”මංගල මල්දම පතා හි`දිමි මම”( සිසිර සේනාරත්/වික්‌ටර්)” සුන්දරත්වයෙන් පිරි සො`දුරුම රුව කී හීනේ (මිල්ටන් මල්ලවාරච්චි),” රාජ කිරුළු පළන්දාපු ර-ජුරුවෝ (එච්. ආර්. ජෝතිපාල),” ගංගා එන්නකෝ ගංගා (අබේවර්ධන බාලසූරිය) ගීතවල තනු නිර්මාණ ද වික්‌ටර්ගේ ය.

මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද
හිතක්‌ හිනැහුණා…

වික්‌ටර් මේ ගයන්නේ සරත් දසනායකයන්ගේ තනුවක්‌. එමෙන්ම..ගිගිරි ගීත රාවේ මලවි හී සරේ..(ඩී.ආර්.පීරිස්‌), ළිෙ`දන් වතුර බීලා (ආර්. ඒ. චන්ද්‍රසේන), ඉතින් ඊට පස්‌සේ (ස්‌ටැන්ලි පීරිස්‌) ,කොහේද කොහේද අපේ ලොවක්‌ (අමරදේවයන්) ශෝක සැනසුම් වේදනාවන් (මර්වින් පෙරේරා) ආදී ගීත රැසකට වික්‌ටර් රත්නායකයන්ට ප්‍රවීණ සංගීතඥයන් තනු නිර්මාණය කර දී ඇත.

ඔහු මේ ගී හෙට (සෙනසුරාදා) ගයයි. ඒ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. මේ ප්‍රසංගය අපූර්වත්වයෙන් පිරි එකක්‌ වනු ඇත. වික්‌ටර් ගයන්නේ ඔහුට අන් අය තනු හැදූ ගීතය. එමෙන්ම වික්‌ටර් තනු හැදූ අන් අය ගැයූ ගී එකතුවක්‌ ද ඔහු හෙට ගයයි.. ප්‍රසංගයට නම තබා තිබුණේ “සරස” ලෙසිනි. ‘සරස්‌ යනු ‘යහපත් රස ඇති’ යන්නය. නැතිනම් ‘යහපත් ස්‌වරය’ යන අරුත ගෙන දේ.

මගේ නොවන මගේම ගී එකතුවක්‌ ලෙස වික්‌ටර් ‘සරස ට උප සිරස්‌තලයක්‌ ද ලබා දේ.

මේ ප්‍රසංගය මම කරන්නේ ප්‍රවීණ සංගීතවේදීන්ට උපහාරයක්‌ විදිහට. ‘සරස’ නැවත කරන්න අදහසක්‌ නැහැ. මේක වික්‌ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පර්ෂදයේ ඉදිරිපත් කිරීමක්‌. මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ, ගීතනාත් කුඩලිගම. බන්දුල නානායක්‌කාරවසම්, කුලරත්න ආරියවංශ, සමන් අතාවුදහෙට්‌ටි, බණ්‌ඩාර ඇහැලියගොඩ, සරත් සේනාරත්න, සරත් තිලකරත්න සහ දයා විෙ-සේන මේ පර්ෂදයේ සාමාජිකත්වය දරනවා. ‘සරස්‌ සංගීතය මෙහෙයවීම ආචාර්ය රෝහණ වීරසිංහ. යුග ගී ගයන්නේ සමිතා මුදුන්කොටුව සහ නිරෝෂා විරාජිනී. කථනය සමන් අතාවුදහෙට්‌ටි. මම මගේ රසිකයින්ට ලෙන්ගතුව ආරාධනා කරනවා හෙට එන්න..ඇවිත් මගේ නොවන මගේම ගී රසවි`දින්න.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :