ඝාතකයකු බව ඔප්පු කරන්න ප්‍රසිද්ධ විවාදයකට එන්න / පුටින්ගෙන් බයිඩන්ට අභියෝගයක්

තමන් සිදුකළ බව කියන ඝාතන ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ මාධ්‍ය හෝ අන්තර්ජාල විවාදයක් සඳහා එක්වන්නැයි රුසියානු ජනපති විලැද්මියර් පුටින් අමෙරිකානු ජනපති ජෝ බයිඩන්ට අභියෝග කර තිබෙනවා.
ක්‍රීමියාවේදී ප්‍රකාශයක් සිදුකරමින් රුසියානු ජනපතිවරයා පැවසුවේ එය අමෙරිකාවට , රුසියාවට මෙන්ම ලෝකයට ද රසවත් අත්දැකීමක් වනු ඇති බවයි.
තමන්ට ඝාතන චෝදන එල්ල කිරීම පදනම් විරහිත බවද ඔහු අවධාරණය කර තිබුණා.
රුසියානු විපක්ෂ ක්‍රියාකාරී ඇලෙක්සි නවාල්නිට විෂ ශරීරගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපතිවරයා කෙටි පිළිතුරක් ලබාදී තිබූ අතර එහි දැක්වුණේ රුසියානු ජනපතිවරයා ඝාතකයකු බව තමන් විශ්වාස කරන බවයි.
එය මේ වන විට රුසියාවේ දැඩි විරෝධයකට ලක්ව තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *