රන්ජන් ගැන තීන්දුව නීතිපති අතේ

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට හැකියාවක් ඇත්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළා.නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
විනිසුරුවරුන් හා නීතීඥවරුන් පිළිබදව සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයද අධිකරණය වෙත කරුණු දක්වනු ලැබුවා.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :