තම මවට එච් අයි වී ආසාදනය වීම හේතුවෙන් පාසලේ විදුහල්පතිවරයා විසින් පීඩාවට පත් කරන බව කියන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවිය මුණ ගැසීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කටයුතු කර තිබෙනවා. ඔහු සිය ෆේස් බුක් ගිණුමේ එය සදහන් කර තිබුණේ මෙවන් සදහනක්ද සමගයි.

“මේ දරුවා නොකළ වරදකට ඇයට කරදර කරන්නේ ඇයි ? ඇයගේ පවුලේ කෙනෙකුට යම් අසනීපයක් තිබුණා කියා ඇයට එය බෝවෙන්නේ නැහැ, මේ අය දුක් විඳින්නේ ඔවුන් නොකළ වරදකට සුළඟින් බො නොවෙයි,වැළඳ ගැනීමෙන් බො නොවෙයි”

 

1

අධ්‍යාපනයට දස්කම් දක්වන මෙම දැරිය පසුගිය විභාග වලදී පන්තියේ පළමුවැනියා වීමටද සමත්ව තිබුණා.
කෙසේ වෙතත් විදුහල්පතිවරයා ඇතුලු පිරිසක් හා ඇතැම් දෙමාපියන්ගේ හැසිරීම හේතුවෙන් ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා බාධා මතුව ඇති බව දන්වා දැරිය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබුණා.

_100517212_scan10037 copy

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :