ලංකාව එයාර් බස් සමාගමෙන් ඩොලර් බිලියනයක වන්දියක් ඉල්ලයි

Sri Lanka

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රංශයේ එයාර්බස් ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක(රුපියල් කෝටි 20,000 ) ක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

පසුගියදා බ්‍රිතාන්‍ය බරපතල වංචා විමර්ශන කාර්යාංශය විසින් එයාර්බස් සමාගම සිදුකල ගනුදෙනු සම්බන්දයෙන් සිදුකල විමර්ශනයකදී හෙළිව තිබුණේ ලෝකයේ විවිධ රටවලට ගුවන් යානා අලෙවි කිරීම සඳහා වන ටෙන්ඩර් ලබා ගැනීම වෙනුවෙන් එම සමාගම අල්ලස් ලබා දී ඇති බවයි.

2013 වසරේදී ශ්‍රී ලංකාව එයාර් බස් යානා 4ක් මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබූ අතර එම ගිවිසුමේ අක්‍රමිකතා පවතින බවයි අදාළ බ්‍රිතාන්‍ය විමර්ශනයේ දී හෙළිව ඇත්තේ.

ඇතැම් නිලධාරීන් විසින් එම අල්ලස් ලබා ගනිමින් එයාර්බස් සමාගමේ යානා මිලදී ගැනීමට පෙළඹවූ බවද බ්‍රිතාන්‍ය විමර්ශනයෙන් හෙළිකර තිබෙනවා.

මේ අතර ඉකුත් රජය සමයේ මෙම ගිවිසුම අවලංගු කිරීම හේතුවෙන් එයාර්බස් සමාගමට ඇමෙරිකානු ඩොලර් මිලියන 98(රුපියල් කෝටි 1960) ක වන්දියක්ද ගෙවීමට ද මෙරටට සිදුවුණා.

මෙම එන්තරවාසිය සමග ගුවන් යාන මිලදී ගැනීම සඳහා එයාර්බස් සමාගමට ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 19ක් වූ අත්තිකාරම් මුදලද නැවත මෙරට විසින් ඉල්ලා ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකයකු එෆ් ටී වෙත ප්‍රකාශ කර ඇත්තේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *