අතීතය වළ දමා මිතුරන් වෙමු / පකිස්ථාන හමුදා ප්‍රධානියාගෙන් ඉල්ලීමක්

Sri Lanka

දෙරට අතර අතීත ගැටළු වළ දමා ස්ථිර සාමයක් වෙනුවෙන් කටයුතු කරන්නැයි පකිස්ථාන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා ඉන්දු පකිස්ථාන නායකයන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසුවේ මෙහිදී සැබෑ සාමයක් වෙනුවෙන් කැපවීමේ ප්‍රධාන වගකීම ඉන්දියාව මත පවතින බවයි.
අවශ්‍ය වුවහොත් වොෂින්ටනයේ මැදිහත්වීම ද මේ සඳහා ලබාගත හැකි බව ඔහු පවසා තිබුණා.
න්‍යෂ්ටික බලවතුන් වන පාකිස්තානය සහ ඉන්දියාව අතර ඉතිහාසයේ අවස්ථා 3කදී යුධ ගැටුම් හටගෙන තිබෙනවා.
පාකිස්තාන රජයේ නව ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබදව ඉස්ලාමාබාද්හි පැවති සම්මන්ත්‍රණයක දී හමුදා ප්‍රධානියා පවසා සිටියේ අසල්වාසීන් සතුරන් ලෙස දකිමින් දීර්ඝ ගමනක් යාම දෙරටටම අසීරු විය හැකි බවයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *